Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
29
" ආසියානු කුසලාන අවසන් තරගයේදී අතට අත දීම් නෑ " ඊයේ තරඟය ගැන ඇසෙන කතා මෙන්න...

- " ආසියානු කුසලාන අවසන් තරගයේදී අතට අත දීම් නෑ " ඊයේ තරඟය ගැන ඇසෙන කතා මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,064 Views

ඊයේ ආසියානු කුසලාන අවසන් තරගයේදී ලෝකයේම අවදානය දිනාගත් සිදුවීමක් ගැනයි මුලින්ම කියන්න හදන්නේ ... 


ඊයේ (28) පැවති ආසියානු කුසලාන අවසන් තරගයේදී ඉන්දියානු සහ පාකිස්ථාන කණ්ඩායම්වල නායකයින් අතට අත දීමෙන් වැළකී සිටියා.

එමෙන්ම ලොව පුරා තරගය විකාශය කරන රූපවාහිනී ආයතනය වෙත අදහස් දැක්වීමේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව්, ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක රවී ශාස්ත්‍රී වෙතත්, පාකිස්ථාන නායක සල්මන් අගා, පාකිස්ථාන හිටපු ක්‍රීඩක වකාර් යූනිස් වෙතත් අදහස් දැක්වීමත් කැපී පෙනුණා.

ඒ අනුව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලකුණු 146ක් රැස් කළා.

සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 57ක් සහ ෆකර් සමාන් ලකුණු 46ක් රැස් කළා.

කුල්දිප් යාදව් ලකුණු 30කට පාකිස්ථාන කඩුලු 04ක් බිද හෙලූ අතර ජස්ප්‍රිත් බුම්රා, වරුන් චක්‍රවර්ති සහ අක්ෂර් පටෙල් අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා.


අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ජයග්‍රාහි සීමාව පසුකර ගියේ පන්දුවාර 19යි පන්දු 4ක් තුළ කඩුලු‍ 5ක් පමණක් දැවී තිබියදීයි.

ඉන්දීය ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා වූ තිලක් වර්මා නොදැවී ලකුණු 69ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු පන්දු 53කට මුහුණදුන්නා. පැය එක හමාරකටත් අධික කාලයක් කඩුල්ලේ රැඳී සිටි වර්මා සිය ඉනිම හයේ පහර 4කින් හා හතරේ පහර 9කින් වර්ණවත් කර ගත්තා.

මුල් පෙළ දැවී යද්දී 4 වන කඩුල්ලට සංජු සැම්සන් හා වර්මා පන්දු 50ක් තුළ ගොඩනැගූ ලකුණු 57ක සබඳතාවත්, ඉන් අනතුරුව 5 වන කඩුල්ලට ශිමාම් ඩුබේ හා වර්මා පන්දු 40කින් ගොඩනැගූ ලකුණු 60ක සබඳතාවත් ඉදිරියේ පාකිස්තානයට පරාජය භාර ගැනීමට සිදු වුණා. පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෆහීම් අෂ්රෆ් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තා ...

මෙහිදී සිදුවූ විශේෂත්වය වූයේ ආසියානු කුසලාන ශූරයින්ට පිරිනැමෙන කුසලානයද ඉන්දීය කණ්ඩායම ප්‍රතික්ෂේප කිරීමටයි.
 


තරගය අවසානයේ ජය සංකේත ප්‍රධානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී ආසියානු ශූරයින්ට හිමි කුසලානය පිරිනැමීම සඳහා පාකිස්ථානය නියෝජනය කරමින් අමාත්‍යවරයෙකු සහභාගි වී සිටි අතර ඔහු අතින් එම කුසලානය පිළිගැනීම ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව් ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව කුසලානය නොමැතිව ඔවුන් ජය සමරනු ලැබුවා.

දින 19ක් කණ්ඩායම් 8ක් එක් කිරුළක් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැළිකතර උණුසුම් කරමින් පැවැති තරග 18 කින් පසු 17 වැනි ආසියානු කුසලාන පන්දුවාර 20 ශූරයින්ගේ සටනට ඉන්දු - පාකිස්ථාන පසමිතුරන් සුදුසුකම් ලැබුවා.

යුද උණුසුමෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්ථානය ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලානයක අවසන් මහා තරගයට පිවිසීමත් ධෛයිවෝපත සිදුවීමක් වන අතර ඒ සඳහා 1984 වසරේ සිට 2025 වසර තෙක් 41ක් වසරක් බලා සිටින්නටත් ඔවුන්ට සිදු වුණා.
 


දෙරටේ විරසකයත් සමග සාම්ප්‍රදායිකව අවසන් තරගයට පෙර ශූරයින්ට පිරිනමනු ලබන කුසලානය සමග නායකයින් එක්වන නිල ඡායාරූපය සඳහා පෙනි සිටීම ද ඉන්දීය නායක සූර්යකුමාර් යාදෙව් විසින් ප්‍රතික්ෂේප කර තිබීමත් කැපී පෙනුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top